මෙරට වාහන එකලස් කිරීමේ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදකී

මෝටර රථ එකලස් කිරීම හා මෝටර් රථ අමතර කොටස් නිපදවීම තුළින් දේශීය හා අන්තර්ජාතික මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීම අරමුණු කරගනිමින් මෙරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිපදවීමේ කර්මාන්ත පිළිබඳ “සම්මත මෙහෙයුම් පටිපාටිය” එළි දැක්වීමේ උලෙළ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මෙරට වාහන එකලස් කිරීමේ සහ වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මෙහිදී එළි දැක්විණි.

වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයකට ඉඩ කඩ සලසා දෙන මෙම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීමෙන් අනතුරුව වාහන ආනයනය සඳහා මෙරටින් වසරකට පිටරටට ඇදී යන රුපියල් බිලියන 1820ක විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කර ගැනීම මෙම සම්මත මෙහෙයුම් පටිපාටියේ දීර්ඝකාලීන අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *