මෙරට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ගැන ජාත්‍යන්තරයට පැමිණිලි කෙරේ

මෙරට බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට විරෝධය පළ කරමින් රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් විසින් පෙත්සම් 1000 ඉක්මවූ ප්‍රමාණයක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත යවා ඇත. එම පෙත්සම් වලින් වැඩි දුරටත් පෙන්වාදී ඇත්තේ බුර්කා තහනම මුස්ලිම් කාන්තාවන් මර්දනය කිරීමට ගත් පියවරක් ලෙසටයි.

මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග මේ බව ඊයේ (17) දිනයේ අනාවරණය කළේය.

මෙම පෙත්සම් වලට අමතරව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහ්මද් ෂනිද්ද බුර්කා තහනම් කිරීමේ යෝජනාවට දැඩි ලෙස විරෝධය දක්වා ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *