මෙරටින් හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය වැඩි වේගයකින් ව්‍යාප්තවන බව සොයාගනී

මෙරටින් හඳුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය, පෙර ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ නවතම පර්යේෂණයකින් හෙළිව තිබේ.

කෙසේ වෙතත් කොවිඩ්-19 වැලැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරිය වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

එමෙන්ම රටතුළ මෙතෙක් පැවති වෛරස් ප්‍රභේදයද වෙනස් වීමේ අවදානමක් ඇති බැවින් සෑම විටම ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ විද්වතුන් අවධානයෙන් පසුවන බවත් එතුමිය පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *