මෙරටට ලබා දුන් ණය ඉන්දියාව යළි ඉල්ලයි

මෙරටට ලබා දී ඇති ඩොලර් මිලියන 400ක “හුවමාරු ණය” (SWAQ) වහාම ආපසු ලබාදෙන ලෙසට ඉන්දියාව දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට රජය තීරණය කර සුළු වේලාවකට පසු විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් ඉන්දියාව මේ බව දැනුම්දී ඇතැයි ​පැවසේ.

මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට හා රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලබාදීමට අදාළව ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීය. මෙම ණය පහසුකම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *