මෙම සතියේ තිරිඟු පිටි මිල අඩු කෙරෙයි.

මේ සතිය තුළ තිරිඟු පිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි. 250

ආනයනය කරන ලද තිරිඟු පිටි තොගය ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, නිෂ්කාශන කටයුතු මේ සතියේ ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආනයනික තිරිඟු පිටි සහිත කන්ටේනර් 100කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කොළඹ වරායේ පවතින බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

පසුගිය දා තුර්කියෙන් සහ ඩුබායි රටවලින් තිරිඟු පිටි ආනයනය කර ඇති බව ප්‍රකාශ කළ ඔහු, නැව්ගත කිරීම ප්‍රමාද වීම තිරිඟු පිටි මිල ඉහළ යාමට හේතු වූ බව පැවසීය.

රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *