LK reports news sinhala

මුස්ලිම් විවාහ නීතිය හරියට හැදෙන හැඩ

’මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ සංශෝධනය කර විවාහ වීමේ අවම වයස අවුරුදු 18 කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මුස්ලිම් කටයුතු ඇමති එම්එච් ඒ හලීම් පවසයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය තුළ මුස්ලිම් කාන්තාවන්ගේ විවාහය සඳහා වන අවම වයසක් නිශ්චිතව සඳහන් නොවීම ගැටලුවලට තුඩුදී තිබිණි. මේ පනතේ 23 වැනි වගන්තියෙන් කියැවෙන පරිදි, වයස 12 ට අඩු ගැහැණු දරුවකු වුවත්, මුස්ලිම් ක්වාසි අධිකරණ විනිසුරුවරයකුගේ අනුමැතිය ඇතොත්, කෙනෙකුට විවාහ කර දිය හැකිය. මේ අවසරය නිසා වයස 18 ට අඩු සිය ගණනක් දැරියන් පසුගිය දශකය තුළ විවාහ කොට දී තිබේ.

වෙනත් සෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහාම විවාහය සම්බන්ධයෙන් බලපවත්වන අවම වයස් සීමාව වන්නේ අවුරුදු 18 කි.

දණ්ඩනීති සංග්‍රහයේ, 1995 සිට ලිංගික අනුමැතිය දීමට කෙනෙකුට හැකියාව පැවරෙන අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දමා තිබේ. එහිදී පවා, මුස්ලිම් තරුණියන් එම සීමාවෙන් ඉවත් කොට ඇත. ඔවුන්ට වයස අවුරුදු 12 පිරුණු පසු ඒ හැකියාව පැවරී තිබිණි. ’මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ 1951 දී කෙටුම්පත් කර ඇත්තේ පිරිමින් පිරිසක් විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයෙන් අනුමත කරගෙන ඇත්තේද පිරිමින් පිරිසක් විසිනි. එම පනත 1975 දී සුළු සංශෝධනයකට ලක්කෙරුණි. එතැන් සිට අවුරුදු 30 කට අධික කාලයක් තිස්සේ, විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන සහ විවිධ පළාත්වල වෙසෙන මුස්ලිම් කාන්තාවන් මේ පනත  තමන්ට අහිතකර බව දක්වා සංශෝධනය කළ යුතු බවට උද්ඝෝෂණ සිදු කර ඇත.

1 Comment

  1. ඉතා හොඳ දෙයක්. අපේ මල් කැකුළු වල ජිවිත බේරෙනවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *