මුල්ලේරියාවේ වෙඩික්කරුවන් ගැන ඔත්තුවකට රු ලක්ෂ 25ක්

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී  වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ වෙඩික්කරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදෙන බවය.

එම වෙඩි තැබීමේදී පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය.

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති වෙඩික්කරුවන් නිවස තුළටම ගොස් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *