මුලතිව් වල ළිඳකින් උණ්ඩ 1500 කට අධික ප්‍රමාණයක් සොයා ගැනේ

මුලතිව් තීර්ත්කරෙයි ප්‍රදේශයේ පැරණි ළිඳක තිබී ටී -56 උණ්ඩ 1529 ක් සොයා ගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වගා කටයුතු සඳහා පැරණි ළිඳක් ඉවත් කිරීමේදී ඉඩමේ අයිතිකරු විසින් සැක කටයුතු දෙයක් දුටු බවත් ඒ පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දුන් බවත් පොලිසිය පැවසීය.

උණ්ඩ තුළට ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා පතොරම් හොඳින් අසුරා ළිඳේ තබා තිබු බව පොලිසිය පැවසීය.

පසුගිය යුද සමයේ ආරක්ෂක හමුදා ප්‍රහාර වලින් පලාගිය කොටි සාමාජිකයින් විසින් නැවත භාවිතා කිරීම සඳහා පතොරම් සඟවා තිබිය හැකි බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සැක කරයි.ආඅබාඅබ ටබ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *