මුදල් ඇමති මැද පෙරදිග සහ ආසියානු රටවල රාජ තාන්ත්‍රිකයින් හමු වේ

මැද පෙරදිග සහ ආසියානු රටවල රාජ තාන්ත්‍රිකයින් රැසක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබේ.

මුදල් අමාත්‍යංශයේදී එම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරු සහ සවුදි අරාබි, ඊජිප්තු, කුවෙට් යන රටවල තානාපතිවරු මෙලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්වී පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය හා අනෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

මැද පෙරදිග කලාපයේ රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය අගය කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ද කලාපීය සහයෝගීතාව සහ සුහදතාවය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *