මීගමුවේ ප්‍රදේශයකින් හඳුනා නොගත් මළ සිරුරු දෙකක් සොයා ගැනේ

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ සහ උසාවි පාරේ තිබී නාඳුනන මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

කුඩාපාදූව ප්‍රදේශයේ තිබී සොයාගත් මළ සිරුර 65 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු අඩි 4 යි අඟල් 6 ක් උසින් යුක්ත යැයි විශ්වාස කෙරෙන අතර අවසන් වරට දැක ඇත්තේ ඉරි සහිත සරමක් ඇඳගෙනය.

මේ අතර මීගමුව උසාවි පාරේ තිබී හමුවූ මළ සිරුර 75 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා අඩි 4 යි අඟල් 5 ක් පමණ උසින් යුක්ත වන අතර ඔහු අවසන් වරට සුදු සරමක් සහ සුදු අත් සහිත කමිසයකින් සැරසී සිට ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *