මිහින්තලා සෑයේ තීන්ත ආලේප කිරීම මහජනතාවගේ ශ්‍රමදායකත්වයෙන්

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී  සමයේ හා ජනතා විමුක්ති පෙරමුණු භීෂණ  සමයේදී, පොසොන් උත්සවයට  ඝාතන අනතුරු අඟවා තිබීයදී පවා පැවැත්වූ පොසොන් උත්සව වලට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණා සේ මෙවරත් ලෝකවාසී සියලු ජනතාවගේ අනුග්‍රහයෙන්  2024 පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන නා හිමිපාණන් පවසයි.

නායක හිමියන් මේ බව පැවසුවේ එළඹෙන පොසොන් උත්සවයට සමගාමීව බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (18දා)  අනුශාසනාවක් සිදු කරමින්ය.

“එල්.ටි.ටී. ඊ. ත්‍රස්තවාදී සමයේ පමණක් නොවේ පෙරහැර, ආලෝක පූජාව ඇතුළු පොසොන් මංගල්‍යය සිදු නොකරන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතන අනතුරු අඟවා තිබූ කාලවලදීත් අපි සියලු අංගයන්ගෙන් යුතු පොසොන් උත්සවයන් ඓතිහාසික මිහින්තලා පුද බිමේදී පැවැත්වීමට කටයුතු කළා.ඒ නිසා  වර්තමානයේදී රාජ්‍ය අනුග්‍රහය නොලැබීම පොසොන් උත්සවය පැවැත්වීමට බාධාවක් වන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරය පැවති කාලයේ රටේ තිබුණු තත්ත්වය , කොරෝනා වසංගතය කාලයේදීත් එහිදු හිමියන්ට කෘතගුණ සැලකීමක් ලෙස මේ ආකාරයෙන්ම උත්සවය සිද්ධ කළා.

මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීම පිළිබඳව ව්‍යවස්ථාවෙන්ම පවරා ඇති වගකීම හා මහානායක හිමිවරුන්ගේ හා සංඝ සභාවේ උපදෙස් – අනුශාසනා වත්මන් විසින් මේ වන විට ඉවත දමා තිබෙනවා.

රටේ පාලකයන් විසින් සිදු කරනු ලබන වැරදි සම්බන්ධයෙන් විවේචන කිරීමට එරෙහිව ඓතිහාසික මිහින්තලා පුදබිම තුල සිදුකල සිවිල් ආරක්ෂක භටයින් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් ශ්‍රම දායකත්වය ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

මීට පෙර ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් තමයි මේ සෑය සුදු හුණු පිළියම් කළේ , මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කළේ නාවික හමුදාව, තේවාව ඇතුළු අනිකුත් සංවර්ධන කටයුතු සිද්ධ කළේ යුධ හමුදාව, සුද්ද  පවිත්‍ර කටයුතු කලේ සිවිල් ආරක්ෂක බලකාය.

මිහින්තලා පුද බිමට අයත්ව පවතින අනුලා දේවි ස්ථූපය ප්‍රතිසංස්කරණයට  මහානායක හිමිවරුන්ගේ උපදෙස්ද නොසලකා හැර දාලා, මේ වෙන කොට  භික්ෂූන් වහන්සේලාඑක්ව දස වසරක ගිවිසුම් ක්‍රියාත්මක කර තිබෙනවා.සිද්ධ කරන්නේ මුදල් හම්බ කිරීම්, මේ ගිවිසුම් ගහලා තියෙන්නේ විහාරාධිපති හිමියන් දැනුවත් කරලා නෙවෙයි.”

අද (18දා) ආරම්භ කෙරුණු මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේපනය සදහා පඬුවස් නුවර අභයගිරි ප්‍රජා සේවා පදනම සාමාජික සාමාජිකාවන් විසින් ශ්‍රම දායකත්වය ලබා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *