ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රුපියල් කෝටි දහයක් පමණ වටිනා රේන්ජ් රෝවර්  රථය ප්‍රකට නිරූපිකාවක වන පියුමි හංසමාලි ලබා ගැනීම සැක සහිත බවත් ඇයගේ සියලු වත්කම් ගැන විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා ඊයේ (17) මගේ රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත  නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඔහු පවසා සිටින්නේ රංගන ක්ෂේත්‍රයේ සැලකිය යුතු රගපෑමක් නොකරන   රූපලාවන්‍ය  ක්‍රීම් වර්ග පමණක් අලෙවි කරන පියුමි හංස මාලි වැනි කාන්තාවක හිටපු ජනාධිපතිවරයා භාවිත කළ  කෝටි දහයක් පමණ  වටිනා ජීප් රථයක් ඇය සතු කර ගැනීම ගැටලු සහගත බවයි.

මේ පිළිබඳව ඉක්මනින් විමර්ශනයක් කොට සත්‍ය රටට හෙළි කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නයි සංජය මහවත්ත  නීති විරෝධී වත්කම්  ඒකකයට කළ මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

“පියුමි හංසමාලිගේ වත්කම් ගැන පැමිණිල්ලක් අපි නීති විරෝධී වත්කම් ඒකකයට  සිදුකළා .අපට සැකයක් පහළ වෙලා තියෙනවා ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය හා නිරූපිකාවක් කියාගන්නා පියුමි හංසමාලි  සම්බන්ධව ඇය .ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර්  රථය ගත්තේ කෙසේද කියා. එක්කෝ පියුමි හංසමාලි  ගෝඨාභය රාජපක්ෂට මේ රථය දීලා තියෙනවා. නැත්තං ගෝඨාභය රාජපක්ෂ පියුමි හංසමාලිට මේ රථය දීලා තියෙනවා. මේ දෙකෙන් එකක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවෙලා තියෙනවා.

ඒ වගේම පියුමි හංසමාලිට මේ වන විට ජීවත් වෙන්න අති සුපෝඛභෝගී මහල් නිවාසයක් තියෙනවා. ඇය සුපෝඛභෝගී විදියට තමයි ජීවත් වෙන්නේ. එතකොට අපට සැකයක් ඇතිවෙනවා මේ දේශපාලඥයන්ගේ කළු සල්ලි සුදු කිරීමක් ද කියා.ඒ සඳහා ඔවුන් පියුමි හංසමාලි  පාවිච්චි කරනවද කියා. ඒ නිසා තමයි අපි පියුම් හංසමාලිට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන්න කියලා නීති විරෝධී වත්කම් ඒකකයට  පැමිණිල්ලක්  කළේ.

අංක එකට ගෝඨාභය රාජපක්ෂගේ රේන්ජ් රෝවර් රථය සම්බන්ධයෙන්. මේක පියුමි හංසමාලිට  ආවේ කෙසේද . කෝටි දහයකට වටිනා වාහනය ඇයට නිකන් දුන්නාද ?ගෝඨාභය පියුමි හංසමාලිට නිකන් දුන්නාද? එහෙම නැත්නම් ඒක දෙන්න හේතුව කුමක්ද ?රථය සම්බන්ධයෙන් පළමුවැනි පැමිණිල්ල ඉදිරිපත් කළා. ඒ වගේම  ඇය මහල් නිවාසයක සැප ජීවිතයක් ගත කරන  ඇයගේ දේපළ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කරන මෙන් අප  දෙවනුව ඉල්ලා සිටිනවා.

ඊට පස්සේ අපි කියා සිටින්නේ මේ කළු සල්ලි සුදු කරනවා නම් ඒක බරපතල වැරැද්දක්. දේශපාලනඥයන්ගේ කළු සල්ලි සුදු කරනවා කියන  එක රටට කරන බරපතල වැරැද්දක්. මේ වෙලාවේ මේ කළු සල්ලි එළියට එන මොහොතේදී අප සියලු දෙනාම සීරු මාරුවට පරිස්සම් වෙන්න ඕනා.

ඡන්දයක් ළඟ තියෙද්දි ජන්ද ගුණ්ඩු සඳහා මේවා කරනවාද දන්නෑ. කව්ද මේ කළු සල්ලි වියදම් කරන්නේ .නීති විරෝධී ආකාරයට මුදල් වියදම් වෙනවා. මේවා ගැන අප සොයා බැලිය නීති විරෝධී වත්කම් ඒකකයට අප කළ පැමිණිල්ලට අනුව ඉතා ඉක්මනින් අපට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා” යැයි සංජය මහවත්ත වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *