මියන්මාරයේ පාලනය හමුදාව යටතට ගැනේ

මියන්මාරයේ පාලනය හමුදාව යටතට ගෙන ඇති බවට වාර්තා වේ. ඒ පිළිඹදව රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එරට හමුදාව නිල වශයෙන් මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර මියන්මාරයේ පාලනය සියතට ගැනීමට පෙර එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ (NLD පක්ෂයේ) නායිකා අවුන්සාන් සුකී එරට හමුදාව විසින් යළි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමගම පක්ෂයේ නියෝජනය කරන ජේයෂ්ඨ දේශපාලඥයින් පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටින්නේ.

පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.my

Leave a Reply

Your email address will not be published. Required fields are marked *