කාදිනල්

මිනිසුන් නිරපරාදේ මරා දැමූ හේතුව අපි දැනගත යුතුමයි – කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය බලාපොරොත්තු වන්නේ කිසිවෙකුගෙන් ත්‍යාගයක් ලෙසින් නොව තම ජනතාව සතු අයිතිවාසිකමක් ලෙසින් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළේය.

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව මීසම් ගෘහය විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවෙන් අනතුරුව අදහස් දැක්වූ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කළේ,

“අපි හැමදාම කිව්වේ එක දෙයයි. මේ මිනිස්සු නිරපරාදේ මරාදමන්නට හේතු වුණ හේතු අපිට දැනගන්නට ඕනේ. ඒක අපේ අයිතිවාසිකමක්. ඒක අපිට දෙන තෑග්ගක් නෙමේ කවුරුවත්. ඒ නිසා අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මේ රටේ නායකයන්ගෙන්, පාස්කු ප්‍රහාරය පිටුපස්සේ තියෙන සම්පුර්ණ කතාව හෙළිදරව් කරන්නට කටයුතු කරන්න කරුණා කරලා. අන්න ඒක අපි මතක් කරලා දෙන්න කැමතියි, මේ රටේ නායකයාට, නායකයින්ට. අපි ආරවුල් ඇති කරගන්න කරන අරගලයක් නෙමෙයි. අපිට ඕනේ යුක්තිය ඉෂ්ඨ වෙනවා දකින්න. අපි එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ගොඩාක් මුදල් දෙන්න කියලා. අරවා මේවා හදලා දෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉෂ්ඨ කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *