මිදිගම ලසා වෙඩි ප්‍රහාරයකින් මරුට

ඊයේ (22)පෙරවරුවේ වෙඩි  තැබීමකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තා මියගොස් තිබේ.

පොලිස් ආරංචිමාර්ග පරිදි ඔහු ප්‍රදේශීය සභාවේ රැඳී සිටියදී එහි පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර ඇති  බව සඳහන් වෙයි.

වෙඩි තැබීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණි පැමිණි බව වැඩිදුරටත් තොරතුරු වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ සමගි ජනබලවේගයෙන් තරග කළ ලසන්ත වික්‍රමසේකර එහි සභාපතිවරයා ලෙස පත්වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *