මැයි 19, 20, සහ 21 සඳහා විදුලි කප්පාදු කාලසටහන නිකුත් කරයි.

ඉදිරි දින තුන සඳහා පැය 03 යි විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී ඇත.

හෙට (19) සිට 2022 මැයි 21 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද කාලසටහන් අනුව මෙම විදුලිය විසන්ධි කෙරෙන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *