මාසික ගෑස් මිල සංශෝධනය සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කරයි.

ගෘහස්ත වර්ගයේ ගෑස් සඳහා පිරිවැය-නියෝජිත මිල සූත්‍රයක් වහාම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සෑම මසකම 5 වන දින පිරිවැය නියෝජන මිල සූත්‍රය ක්‍රියාත්මක කෙරේ.

අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා පිරිවැය-නියෝජිත මිල සූත්‍රය ක්‍රියාත්මක කෙරේ.

එම මිල සූත්‍රය ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සඳහා ද යොදා ගැනේ.

ඊට අදාළ යෝජනාව මුදල්, ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *