මාවනැල්ලේදී බස් රථ අනතුරකින් 40කට තුවාල…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අද සිදුවූ බස් රථ අනතුරකින් මගීන් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව ය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ මගීන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *