Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මාලදිවයිනේ අනතුරට ලක්වූ ධීවරයින් මුදවාගැනේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අනතුරකට ලක්ව මාලදිවයින් මුහුදු තීරයේ රැදී සිටි මෙරට ධීවරයින් 05 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ බේරුවල මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය ධීවරයින් 06 දෙනෙකුගෙන් සමන්විත යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

අදාළ ධීවර යාත්‍රාව පසුගිය 04 වනදා සිට ගොඩබිම සමග සම්බන්ධතාවක් නොමැති බවට නාවික හමුදාවට වාර්තා වී තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී ඊයේ (07) උදෑසන අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනෙකු බේරාගැනීමට හැකි වූ බව නාවික හමුදාව සඳහන් කළේය.

යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු අතුරුදන්ව ඇති අතර මුදාගත් ධීවරයින් 05 දෙනා ගාල්ල වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේය.

ඔබේ අදහස