මාර්තු 21 වනදා පමණ බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටු තත්ත්වයක්

මාර්තු 21 වනදා පමණ බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය.

“බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවතී. එය නැගෙනහිර-ඊසාන දෙසින් අන්දමන් මුහුද දෙසට ගමන් කිරීමට ඉඩ ඇති අතර එය මාර්තු 21 වන විට සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇත.

නැවත දැනුම් දෙන තුරු 03S-05N සහ 81E-93E ට මායිම්ව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට උපදෙස් දෙන ලදී. මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදී.

ඉදිරි දිනවලදී දිවයින වටා වන සුළගේ වේගය පැයට කිලෝමීටර් 45 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *