මාධ්‍යවේදී මංජුල බස්නායක CIDයට කැඳවයි…

මාධ්‍යවේදී මංජුල බස්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කැඳවා තිබේ.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මංජුල බස්නායක සඳුදා කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාධ්‍යවේදියා කැඳවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා මංජුල බස්නායකට චෝදනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සියදිවි නසාගෙන මිය ගිය බව මුලින් සඳහන් කළ ඔහුගේ ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් ය.

මෙම මරණය සියදිවි නසා ගැනීමක් ලෙස දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය සියල්ල විසින් මුලින් වාර්තා කළ නමුත් රඹුක්වැල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී එක් මාධ්‍යවේදියෙකු වෙන් කළේ මන්දැයි ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් විසින් මතු කරන ලදී.

මීට පෙර ස්වර්ණවාහිනියේ සහ හිරු ටීවී සමඟ කටයුතු කළ මංජුල බස්නායක මහතා දැන් ජනප්‍රිය යූ ටියුබ් ප්‍රවෘත්ති නාලිකාවක් වන News Center පවත්වාගෙන යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *