මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ වැඩ තහනම් කරයි.

ජුලි 9 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව අතරතුර මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ.

ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.

සෙනසුරාදා අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ අමානුෂික ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.

මීට පෙර පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතාට උපදෙස් දුන්නේ විමර්ශනයකින් අනතුරුව නිලධාරීන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *