මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවන් දෙදෙනෙකු කොළඹ සිට බූස්ස බන්ධනාගාරයට

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සුසෙයි සහ ගෞතම් යන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.

කොළඹ අධිකරණයකදී ඔවුන් දෙදෙනාට එරෙහිව සිදු කෙරෙන නඩු විභාගයක් සඳහා ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙන අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ඇති විශේෂ ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින වාට්ටු සංකීර්ණයේ වෙන් වෙන්ව ඔවුන් දෙදෙනා රඳවා සිටිනවා.

මෙම වාට්ටු සංකීර්ණයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් රඳවා සිටින අතර කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා, පොට්ට නවුෆර් සහ පකිස්තාන ජාතිකයන් 16 දෙනෙකු ද රඳවා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *