මහර සිද්ධියෙන් කෝටි 6 කට අධික දේපොළ හානි, සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව නඩු

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී දේපොළවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව රාජ්‍ය දේපොළවලට හානි කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ අදාළ සැකකරුවන් 120 දෙනාගෙන් 116 දෙනෙකු රිමාන්ඩ් සිරකරුවන් බවත්, සෙසු 4 දෙනා සිරකරුවන් බවත්ය.

එමෙන්ම අදාළ සිද්ධියෙන් රුපියල් කෝටි 6 කට අධික දේපොළ හානියක් සිදුව ඇති බවත් ඔහු පවසා සිටියි.

බන්ධනාගාර කැරැල්ල මෙහෙය ප්‍රධාන පුද්ගලයන් 25 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව විසින් මේ වනවිට හඳුනා ගෙන ඇති බවත් පැවසූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *