මල්වාන නිවසට අයිතිකාරයෙක් නැති හෙයින් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කරයි.

මල්වාන ප්‍රදේශයේ දේපලක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ගම්පහ මහාධිකරණය විසින් මෙම නඩුවෙන් පුද්ගලයින් දෙදෙනා අද නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

දොම්පේ, මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා තිබේ.

රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාග නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මාර්තු මාසයේදී ගම්පහ මහාධිකරණයට දන්වා තිබුණි.

සාක්ෂි දුන් පළමු සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් ඉදිරියේදී නඩුව සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විභාග නොකරන බවට නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පළමු සාක්ෂිකරු විසින් කරන ලදැයි කියන ප්‍රකාශයේ අඩංගු අත්සන ගැටලු සහගත බව ද නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් නිදොස් කොට නිදහස් කිරීමට අදාළ නඩුවේ තීන්දුව අද අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *