මන්ත්‍රීවරුන්ගේ ප්‍රමිතීන් සහතික කිරීමට නව නීති : ජනපති

මන්ත්‍රීවරුන්ගේ නිසි ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති සම්පාදනයක් ළඟදීම ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේය.

“මේ සතිය තුළ ඇති වූ සිද්ධීන් දෙකෙන් පසු බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරනවා. ඒ නිසා මන්තී‍්‍රවරුන්ගේ උසස් ප‍්‍රමිතිය තහවුරු කිරීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා නීති සම්පාදනය කරමින් සිටින බව ප‍්‍රකාශ කරන්න කැමතියි” ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනයේදී පැවසීය.

බොහෝ රටවල සිදුකරන ආකාරයට මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට අධිකාරියක් පත් කරන බව ඔහු ඉඟි කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *