බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින මිද්දෙණියේ සම්පත් මනම්පේරි ගෙන් ප්රශ්න කිරීම් අනූව එම සැකකරු විසින් ජාවාරම් සිදු කිරීම සඳහා යොදාගත් කැබ් රථයක්, මෝටර් රථයක් සහ ජාවාර වලින් උපයා ගත් මුදලින් ලබාගත් බව කියන බස් රථයක් පස්වරුවේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බාරයට ලබාගෙන ඇත.
සැකකරුට අයත් මිද්දෙණියේ පිහිටි නිවසේදී එම රථ තුන අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එන ලදී.
සැකකරුට අයත් මෙම බස් රථය මිද්දෙනිය – කොළඹ මාර්ගයේ මඟීන් ප්රවාහනය සඳහා යොදාගෙන ඇත.



