මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම – කුරුණෑගල හෙට විවෘත කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා (ඇතුගල්පුර ගේට්වේ) දෙවන අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 15 (හෙට) ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ මීරිගම සිට කුරුණෑගල දක්වා දුර කිලෝමීටර් 40.91 කි. පාරිසරික හා සමාජීය බලපෑම් අවම කිරීම සඳහා ඉදිකරන ලද අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මඟ හැර ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් කරනු ඇත.

මංතීරු හතරක් සහිතව ඉදිකර ඇති මෙම මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස මේ වන විට ශ්‍රී ලංකාවේ සුන්දරම අධිවේගී මාර්ගය ලෙස හඳුනාගෙන ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම මාර්ග කොටස දේශීය මුදලින් දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකරන ලද්දකි. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල ගෙවීම් කවුන්ටර සහිත හුවමාරු මධ්‍යස්ථාන පහක් පිහිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *