මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට…

මත්ද්‍රව්‍ය මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස මුදල් ඉපැයීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වස්කඩුව ප්‍රදේශයේ කාන්තාවක් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් එකතු කිරීම සඳහා ඇයගේ පෞද්ගලික ජංගම දුරකථන අංකය භාවිත කරමින් eZ Cash Power Vault ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති බව එම කොට්ඨාසය විසින් ආරම්භ කරන ලද පරීක්ෂණයකදී සොයාගෙන ඇත.

2019 සිට 2020 දක්වා කාන්තාවගේ eZ Cash Power Vault ගිණුම හරහා රුපියල් මිලියන 10.4 කට අධික ගනුදෙනු සිදු කර ඇති අතර, රුපියල් මිලියන 10.4 කට අධික ගනුදෙනු සිදු කර ඇති බව වාර්තා වේ. ගිණුම හරහා මිලියන 8.1ක් ලබාගෙන තිබුණා.

අදාළ කාන්තාව සොයා ගෙන ඇති මුදල් ඇයගේ සැමියා විසින් සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් උපයාගත් මුදල් බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් ඊයේ (10) එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *