මත්තල ගුවන් තොටුපල මාසික පාඩුව ඇමති හෙළි කරයි.

මත්තල ගුවන්තොටුපළ මේ වන විට ක්‍රියාත්මක වන්නේ මාසිකව රුපියල් කෝටි 100ක පාඩුවක් ලබමින් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. රුපියල් මිලියන 100යි.

මත්තල ගුවන් තොටුපළ හදිසි ගොඩබෑම සඳහා උපස්ථ ගුවන් තොටුපළක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ එවැනි පහසුකම් නොමැති නම් මෙම ගුවන් ගමන් චෙන්නායි වෙත හරවා යැවීමට සිදුවන බවයි ඔහු අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.

මේ හේතුවෙන් ගුවන් තොටුපළ පාඩු ලබන නමුත් අකමැත්තෙන් වුවද නඩත්තු කිරීමට සිදුව ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ගුවන් තොටුපළ ඉදිකර ඇත්තේ වන අලි වාසස්ථානයක් තුළ බව හඳුනාගෙන ඇති බවත් මේ වන විට විදුලි අලි වැට කඩා ගුවන් තොටුපළ පරිශ්‍රයට වන අලි ඇතුළුවීමේ තර්ජනයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වන අලි තර්ජනයට පිළියමක් ලෙස අලි වැට සහ ගුවන් තොටුපළ පරිශ්‍රය අතර හිස් ඉඩම්වල තල් ගස් වැවීමට අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *