මත්තල ගුවන් ගමන් යළිත් කාලසටහනකට අනුව

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් නියමිත කාල සටහනකට යළිත් පෙරේදා (06) සිට ආරම්භ කර ඇත.

සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසන්නේ 2015 වසරේදී මත්තල ගුවන්තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් නතර කිරීමෙන් පසු නියමිත කාල සටහනකට අනුව ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් යළි ආරම්භ වූ පළමු අවස්ථාව මේ බවයි.

ඒ අනුව පෙරේදා (06) දිනයේදී කසකස්ථාන් ගුවන් මගීන් 164 දෙනකු සමඟ එයාර් අස්තාන් ගුවන් සේවයේ කේ. සී. 565 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට පැමිණ ඇති අතර, එය කසකස්ථාන් අල්මාට් ගුවන්තොටුපළේ සිට සෑම සෙනසුරාදා දිනකම මත්තලට පැමිණීමට නියමිත බවද ඇමති වරයා පවසා සිටියි. එමෙන්ම ජනවාරි 21 වැනිදා රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු පෙරේදා වන විට සංචාරකයන් 2000 කට ආසන්න පිරිසක් පැමිණි බව ද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *