මගේ දියණිය 52 වතාවක් දූෂණය කරලා – සිඟිති

තම දියණිය 52 වතාවක් දූෂණය කළත්, මාධ්‍ය ඒ බැව් කතා නොකරන්නේ ඇයිදැයි සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති ප්‍රශ්න කළේය. ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතා ඔහු එසේ ප්‍රශ්න කළේය.

තමාගේ නිවස පුළුස්සා ඇතිබව හා තම දියණියට සිදුව තිබූ තත්ත්වයද හෙළිකළ යුතු බව සිඟිති එහිදී පැවසීය. සිඟිති වැඩිදුරටත් කියාසිටියේ තමා ගැන පමණක් මාධ්‍යයේ කතා නොකොට තමන්ට ඇතිවූ ප්‍රශ්නත් පළකරන ලෙසයි.

කෙසේවෙතත් සුසිත් ජයවංශගේ සිරුර හමුවූ පනිරෙන්ඩාව රක්ෂිතයට සිඟිති නොහොත් සුජිත් නමැත්තා ස්ථානීය පරීක්ෂාවකට රැගෙනයාමට අධිකරණයෙන් ලැබුණ නියෝග අනුව කටයුතු සිදුකරන බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *