තවත් කලු සුද්දෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා – මිහින්තලා රජමහා විහාරාධිපති

“අනගාරික ධර්මපාලතුමා කිව්වා ටයිකෝඩ් දාගත්ත කළු සුද්දෝ තවම ලංකාවේ ඉන්නවා කියලා, ඒ කියමන හරියට හරි ඔය අහු උනේ, තව ඉන්නවා පාර්ලිමේන්තු ඔය වගේ කළු සුද්දෝ, මේ අය අපේ රටේ  පුරවැසියෝ නෙමෙයි, ඒ වුනාට අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වරදාන වරප්‍රසාද භුක්ති විදිනවා නීති විරෝධීව, පුරවැසිකම තියෙන්නේ පිට රටක. ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මොවුන් ජීවත් වෙනවා” යැයි  මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ  ධම්මරතන නාහිමි පානන් පැවසුහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ මිහින්තලේදී  පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩි දුරටත් උන්වහන්සේ මෙසේද පැවසූහ.

“පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ බොරුවට හැමෝම එකම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්නේ ලෝකයේ බලය අත් හරින්න අකමැතිම අය සිටින්නේ  ලංකා දේශපාලනයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ,

සමගි ජන බලවේගයේ කණ්ඩායම නොදැන ගෙන නෙමෙයි ඩයනා ගමගේ මන්ත්‍රී ධූරයට පත් කරේ, දැන දැන තමයි මේ වැරැද්ද කරේ සබජයෙන් ඒ වැරැද්ද කරා නම්, ආණ්ඩුවට  ඒ වැරැද්ද නිවැරදි කරන්න තිබුණා.

ආණ්ඩුව මොකද කරේ  ආණ්ඩුවේ ගොඩ වැඩි කර ගන්න කෝටි ගණන් මුදල් දීලා රාජ්‍ය ඇමතිකමකුත් දුන්නා. ජනාධිපතිවරයා නීතිඥවරයෙක් මේ රටේ වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පරිණත දේශපාලඥයා දැනගෙන හිටියේ නැද්ද මේ නීති විරෝධී කියලා.

එතුමාවත් ඕක දන්නේ නැද්ද ? දන්නේ නැහැ, ඔක්කොම බයිපාස් කරන්නේ,  කොලේ වහල කරන වැඩ මේවා. ලංකාවේ නීතියට අධිකරණයට නමස්කාර වෙන්න ඕනේ, පහුගිය කාලෙ හොඳ තීන්දු ටිකක් ලැබුණා අධිකරයෙන් රටේ ජනතාවට සතුටු වෙන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් නීතියට ප්‍රණාමය පුදකර සිටිනවා.

මේ ඇමතිවරිය පාර්ලිමේන්තු වරප්‍රසාද සියල්ල භුක්ති වින්දා , මේ පක්ෂ දෙකම ඒකට වග කියන්න ඕනේ, කාටවත් මේකෙ අත පිහ ගන්න බැහැ. මේ ඔක්කොම දැන දැන තමයි මේ වැරැද්ද කරලා තියෙන්නේ, එත කොට අපේ ජනතාවගේ සල්ලි මිල මුදල් , ගත්ත වරදාන වරප්‍රසාද ඒවට නැවත ඒ මුදල් නැවත ලබා ගන්න වෙනම නඩුවක් දාන්න ඕනේ.

ඒ නඩුව දාන කොට ඩයනා ගමගේ විතරක් නෙමෙයි සමගි ජන බලවේගයට සහ ආණ්ඩුවටත් ඒ නඩුව දැමිය යුතුයි. දැන දැනත් උත්තරීතර පාර්ලිමේන්තුව ඒ වස්තුව අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ,වරප්‍රසාද වලට මුවා වෙලා මේ වගේ විෂමාචාර වැඩ කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *