බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹදී විරෝධතාවක් අරඹයි.

රජයට එරෙහිව අද විරෝධතා කිහිපයක් පැවැත්වුණා.

මහා සංඝරත්නය කොළඹ පිටකොටුවේදී විරෝධතාවයක නිරත වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්විය යුතු බව භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළහ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද පාපැදි පෙළපාලියකින් විරෝධතාවක නිරත වුණා.

රටේ පවතින ගැටලු විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා පාපැදි පෙළපාලිය පැවැත්විණි.

FUTA පාපැදි පෙළපාලිය නුගේගොඩ ගුවන් පාලම අසලින් ආරම්භ කර කොළඹ මහජන පුස්තකාලය අසලින් අවසන් වූ අතර, ඉන් අනතුරුව මහජන රැස්වීමක් පැවැත්විණි.

ඔවුන් හෙට කොළඹ විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *