බෝට්ටුවෙන් රටින් පිටවීමට තැත් කළ 600කට වැඩි පිරිසක් අල්ලයි.

තලෙයිමන්නාරම කුරුසපාඩු මුහුදු තීරය ඔස්සේ  අනවසරයෙන් මාහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 10 දෙනෙකු 16 රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ මුරසංචාරයක නිරතවූ අවස්ථාවේදී අදාල පිරිස මුහුදේ බොට්ටුවක නැගී ගමන්කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ අවුරුදු 18 වඩා අඩු ළමුන් සිව් දෙනකු සිට ඇති ඇත.

නාවිකහමුදා භාරයට පත් පිරිස වව්නියාව , පේසාලෙයි, ඌරුමලෙයි, කිලිනොච්චිය සහ කන්තලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩි දුරපරික්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසියට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

මේ අතර මේ වසරේ ජනවාරී මස සිට අගෝස්තු මස දක්වා කාලය තුලදී පමණක් 600 කට අධික පිරිසක් අනවසරයෙන් විදෙස් රටකට යෑමට උත්සහ කොට නාවිකහමුදා භාරයට පත්ව ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *