බොරු පොරොන්දු වලට රැවටුණු අය නුගේගොඩට එන්න

ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු දෙනා ලබන 21 වැනිදා නුගේගොඩට එන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එලෙස නුගේගොඩට රොක්වී ආණ්ඩුවට විරෝධය පළ කරමු යැයි රාජපක්ෂ මහතා කීය.

ආණ්ඩුව ජනතාවට මැතිවරණයේදී වූ  කිසිම පොරොන්දුවක් ඉටුකළේ නැතැයි කී රාජපක්ෂ මහතා ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂවල මතය යට ගසා තම මතය ජනගත කරන්නට ආණ්ඩුව සිතා සිටින බවද සඳහන් කළේය.

“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරලා නැහැ,අල ගොවියට ,වට්ටක්කා ගොවියට බී ලූනු ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එලිපිටම දෝෂාරෝපණය කරගෙන යනවා ,දැන් ඒ ජනතාව පාරටත් බැහැලා.ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා.අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ” යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *