බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අත්අඩංගුවට…

මැයි 9 වැනිදා ගාලුමුවදොර පිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් බොරලැස්ගමුව නගර සභාවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සභාපතිවරයා හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

පසුගිය මැයි 9 වැනිදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර පිටියේදී සාමකාමී විරෝධතාවයේ නිරතවූවන්ට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 16 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *