බොබ් මාලි ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබෘෘ සහ අනෙක් සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගත් බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ, ඔහුගේ බිරිඳ සහ ඔහු රැඳීසිටි නිවසේ හිමිකරු යන අය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් ඉකුත් 10 වනදා අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර තිබුණි.

පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය අත්අඩංගුවේ පසුවූ  බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ගේ බිරිඳ මුදාහැරීමට නියම කළේය.

රුපියල් කෝටි 300ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *