බෙලිඅත්ත ප්‍රා.සභාපතිට ඇප

අයථා වත්කම් ඉපවූයේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා   නියෝග කළේය .

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

මාස දොළහක් ඇතුළතදී රුපියල් ලක්ෂ හාරසීයකට අධික මුදලක් වියදම් කළ ( රුපියල් 43260010.26)  සැකකරු රුපියල් ලක්ෂ තුන්සිය හැටකට අධික මුදලක් (රුපියල් 36001344.96) අයථා වත්කම් ලෙස  උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.

වසර 32 ක් බෙලඅත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සහ 2012 සිට 2023 දක්වා එම සභාවෙ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරු  හම්බන්තොට ප්‍රාදේශීය සභාවට අයත් කැටැන්වැව ප්‍රදේශයේ අක්කර 50 ක ඉඩමක අඹ වගා කරන බවත්,එම  වගා ඉඩම කූට ලේඛන සකසා ලබාගත් රජයේ ඉඩමක් ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා මෙම විමර්ශන සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *