බුදුන්ගේ ලංකා ගමන පිළිබඳව නාසා විද්‍යාඥයෙකුගෙන් ආන්දෝනාත්මක හෙළිදරව්වක්….

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීම වැරදි බව නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය කාවන් රත්නතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බුද්ධ දර්ශනය විද්‍යාව සමග සමපාත වන විශ්වීය දර්ශනයක් බවයි.

නමුත් වර්තමානයේ බුද්ධ දර්ශනය ආගමක් ලෙස වෙනස් කොට සහ විකෘති කොට විවිධ පුද්ගලයින් එය මුදල් ඉපයීම සඳහා භාවිත කරන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බව ඔහු පවසයි.

එබැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ බුද්ධාගමට නොව බුද්ධ දර්ශනයට බවයි ඔහු අවධාරණය කරයි.

විදෙස් රටකදී තමන් බුද්ධ දර්ශනය අනුගමනය කරන්නෙකු ලෙස හඳුන්වා දීමට කිසි විටෙකත් පසුබට නොවන බව පෙන්වා දෙන ආචාර්ය කාවන් රත්නතුංග මහතා ශ්‍රී ලංකාවේ පවතින විකෘතිය තුළ ශ්‍රී ලංකාව තුළ දී තමන් නිරාගමිකයෙකු ලෙස හැඳින්වීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

අන්තර්ජාලය නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය කාවන් රත්නතුංග මහතා පවසා තිබෙන්නේ ඇතැම් විද්‍යාත්මක කරුණු ජනතාවට අනාවරණය කිරීමේ දී සිංහල බසින් සන්නිවේදනයේ යෙදෙන ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන පවා ඊට මැලිකමක් දක්වන බවයි.

එයට හේතුව සංස්කෘතිය තුළ මුල් බැසගත් සහ ඇතැම් පුද්ගලයින් සමාජ ගත කළ අවිද්‍යාත්මක කරුණු දැඩිව වැළඳ ගත් ජනතාවට විද්‍යාත්මක කරුණු හෙළි කිරීමට යාමේදී ඇතිවන ජනතා ප්‍රතිවිරෝධයට ඔවුන් දක්වන භීතිය බවද ඔහු සඳහන් කරයි.

බුදුන්වහන්සේගේ පළමුවන සහ දෙවන ලංකා ගමනය පිළිබඳ සුවිශේෂී අනාවරණයක් ද ඔහු මෙහිදී සිදු කිරීම විශේෂත්වයක්.

ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඇමරිකාව , ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අධ්‍යාපනය හදාරා ඇති භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ ප්‍රමාණික විද්වතෙකු වන අතර නාසා ආයතනයේ හබල් දුරේක්ෂයට අදාළ විශ්ව ගවේෂණයේ යෙදී සිටි තාරකා විද්‍යාඥයින්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *