බීලා වාහන පැද්ද එකසිය දෙනකු අත්අඩංගුවට

පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ(14)වන දා රට පුරා කළ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 103 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.
මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ (14) සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (13) දිනය පුරා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6676 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 26125 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 10791ක්ද යතුරු පැදි 8091ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එකී වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 878 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 18 දෙනෙකුද වරෙන්තුකරුවන් 530 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *