බිල් ගෙවීමෙන් පසු බම්බලපිටිය දුම්රිය ස්ථානයට යළිත් විදුලිය

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර තිබේ.

අදාළ හිඟ බිල්පත් ගෙවීමෙන් අනතුරුව ඊයේ(26) දහවල් දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.

විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පසුගිය 24 වනදා සිට විදුලිය විසන්ධි කර තිබූ අතර මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම මගී ජනතාව ද දැඩි අපහසුතාවයට පත්වී තිබුණි.

කෙසේවෙතත් විදුලි බිලට අදාළ ගාස්තු චෙක් පතක් මගින් ගෙවන බවට දැනුම්දී තිබියදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙලෙස විදුලිය විසන්ධි කර තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *