බිත්තර හා කුකුළු මස් මිල යලි ඉහලට…

විදුලි ගාස්තු, ජල ගාස්තු සහ බදු ඉහළ දැමීම මත නැවතත් කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ රජය මැදිහත් වී සහන ලබා දෙන්නේ නම් එම මිල අඩු කිරීමට හැකි වනු ඇති බවයි.

“මේ මාසයේ සිට ජල බිල්පත්, විදුලි බිල්පත් වැඩිකරමින් පවතිනවා. කුකුළු කර්මාන්තයට ජලය සහ විදුලිය විශාල වශයෙන් වැයවෙනවා. මේ එන වැඩිවීම් එක්කලා වැට් බද්දත් වැඩිවෙලා තියෙනවා 12% ඉඳලා 15% දක්වා. නව ආරක්ෂක බද්දක් ගහලා තියෙනවා 2.5%ක. ඒක අවසාන නිෂ්පාදනයට 7.5%ක විතර වැඩිවීමක් වෙන්න පුළුවන්. සියලුම තත්වයන් එක්ක ඉදිරියේදී නිෂ්පාදන පිරිවැය වැඩිවීම අනුව කුකුළු මස් මිල වැඩිවීමට හැකියාවක් තියෙනවා. අපි ඇමතිතුමාත් එක්කලා සඳුදා මේ පිළිබඳ සාකච්ඡා කරනවා. විශේෂයෙන් බිත්තර පාලන මිල කොහොමද ඉවත් කරගන්නේ කියලා. මේ බිත්තර පාලන මිල දාලා මේ වනවිට 50%ක් විතර නිෂ්පාදකයින් මේ කර්මාන්තයෙන් ඉවත් වෙලා තියෙනවා. බිත්තර දමන සතුන් පවා ඔවුන් මස්වලට වෙළඳපොලට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව සඳුදා කෘෂිකර්ම ඇමතිතුමා අපට සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා, අපි එහිදී අමාත්‍යාංශය දැනුවත් කරනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *