බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් ඇතුළු සෙසු ඉදිකිරීම් වල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ  පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙි උපදෙස් ලබා දුන්නේය.

අදියර තුනක් යටතේ බිංගිරිය කර්මාන්ත කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත යටිතල පහසුකම් වල සැලකිය යුතු ප්‍රමාණයක වැඩ කටයුතු දැනටමත් අවසන් කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව තවදුරටත් සිදු කෙරෙමින් පවතින වැඩ කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එළැඹෙන ජුනි මාසයේදී  අදාල  වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණීමට තමා අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *