අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින්  අහුංගල්ල ලෝගන්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි අංහුගල්ල පොලිසිය පවසයි.

ඉකුත් වසරේ අප්‍රේල් මස 14 වැනි දින මදූෂ නැමැත්තකුගේ දියණිය විවාහ කරගැනීමට සිටි බව කියන පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට පලිගැනීමක් වශයෙන් මෙම පුද්ගලයා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු මියගිය පුද්ගලයාගේ හිසට කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

ඇල්පිටිය පොලිස් අධිකාරී රමිදු සිල්වා මහතාගේ උපදෙස් පරිදි අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *