බැඩ්මින්ටන් ඔලිම්පික් ක්‍රීඩක නිලූක ක්‍රීඩාවෙන් සමුගනී

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඔලිම්පික් ක්‍රීඩක නිලූක කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඔහු වසර දෙකකට පෙර දේශීය බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සමුගත්තේ 17 වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනා ගැනීමෙන් පසුවය.

පිට පිට ඔලිම්පික් තරග තුනකදී (2012 ලන්ඩන්, 2016 රියෝ සහ 2022 ටෝකියෝ) ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කරුණාරත්න වැඩිම ජාත්‍යන්තර තරගාවලි නියෝජනය කළ එකම ක්‍රීඩකයා ලෙසද ඉතිහාසගත වනු ඇත.

38 හැවිරිදි කරුණාරත්න වයස අවුරුදු අටේ සිට බැඩ්මින්ටන් ක්‍රීඩා කරයි.

2000 වසරේ ජකර්තා නුවරදී ප්‍රථම වරට පැවැති ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්වූ නිලූක කරුණාරත්න වයස අවුරුදු 15දී ජාත්‍යන්තර පදක්කම් 34ක් දිනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *