බස් රථ සඳහා පෙර ගෙවුම් කාඩ්පත් පද්ධතිය පරීක්ෂා කරයි.

බස් රථ සඳහා නව පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා හඳුන්වා දී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා ධාවනය වන බස් රථ සඳහා කොට්ටාව – මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයෙන් පෙරගෙවුම් බස් කාඩ්පත් ක්‍රමය මුලින්ම හඳුන්වා දී ඇත.

මහජනතාවට තම ගමන් බිමන් සඳහා අවශ්‍ය මුදල කලින් ගෙවා ඩෙබිට් කාඩ්පතකට සමාන බස් කාඩ්පතක් භාවිත කිරීමට හැකි වේ.

බස් කාඩ්පත දැනට ආරක්ෂිත ගෙවීම් දොරටුවක් යටතේ මහජන බැංකුවෙන් පමණක් ලබා ගත හැකිය.

දිවයිනේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුමක් ලෙස බස් කාඩ්පත් ක්‍රමය නුදුරු අනාගතයේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

දුම්රිය සේවා සඳහා ද මෙවැනි කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *