බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම් දීමක්…

සතියේ සියලුම වැඩ කරන දිනවල බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ ඉන්ධන හිඟයට යම් ප්‍රමාණයකට විසඳුම් ලැබෙන බැවින් මෙම තීරණය ගත් බවයි.

එමගින් අඛණ්ඩ සේවාවක් සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

සේවා දිනවලදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සේවාවන් ලබාගත හැකි අතර, www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ආදායම් බලපත්‍රයද ලබාගත හැක.

මේ අතර, ජූලි 29 වැනිදායින් පසු කල් ඉකුත් වූ ආදායම් බලපත්‍ර සහිත රියදුරන්ට දඩ මුදල් අය නොකෙරේ.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට අනුව 2022 අගෝස්තු 31 වැනිදා දක්වා දඩ මුදල් අය නොකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *