බලශක්තිය දියුණු කරන්න පාර්ලිමේන්තු අනුකාරක සභාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ පත්කිරීමට  තීරණය විය.

එම කාරක සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාවේදී සළකා බැලීමෙන් අනතුරුව මෙම අනුකාරක සභාව පත් කිරීම කරන ලදී.

මෙම අනුකාරක සභාවෙන් මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉදිරි සාධනීය පියවර ගැනීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමටත් අවශ්‍ය නිර්දේශයන් ලබා දීමටත් අපේක්ෂා කරන බව  ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *