බඳින තුවක්කුව පත්තුවී මුරකරු මරුට

මන්නාරම, සිලාවතුර පරප්පකණ්ඩාල් හි කජු සංස්ථාවට අයත් ගොවිපොලේ  මුරකරුවකු එහි රාජකාරී කරමින් සිටියදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මියගොස්  අ‍ැතැයි සිලාවතුර පොලිසිය කියයි.

රාජකාරී කරන අතරතුර  කැළෑව සහිත ස්ථානයක් අ‍ාසන්නයෙන් ගමන් කිරීමේදී  බඳින තුවක්කුවේ මරුවැල පෑගී ක්‍රියාත්මක වීමෙන් මුරකරු එලෙස මියගොස්  අ‍ැතැයි ද පැවසීය.

එලෙස මියගොස් අ‍ැත්තෙ මන්නාරම උයිලන්කුලම, පරප්පකණ්ඩාල්  පදිංචි සිවගුරුනාදන් නැමති 44 හැවිරිදි අයෙකි.

බඳින තුවක්කුව පත්තුවීමෙන් මුරකරු බරපතල තුවාල ලබා සිලාවතුර රෝහලට අ‍ැතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් අ‍ැති බවයි.

බඳින තුවක්කුව අ‍ටවන ලද පුද්ගලයා මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *